• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දස වසරක මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඇමැති කෙහෙලියගේ ප්‍රධානත්වයෙන් එළි දකි

17 August 2022
in දේශීය

දස වසරක් සඳහා වන ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) එම අමාත්‍යංශයේ දී එළිදක්වනු ලැබීය. මෙය ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ලෙසින් ක්‍රියාත්මක කෙරේ.

වසර දෙකකට අධික කාලයක් රට තුළ පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම ප්‍රතිපත්තිය එළි දැක්වීම ප්‍රමාද වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් 2005 වසරේ දී ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය මෙරට පිහිටවනු ලැබීය.

එවක පැවති සුනාමි ව්‍යසනයත් සමඟ රටේ ජනතාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙය ආරම්භ කෙරුණු අතර සෑම දස වසරකට වරක් රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් එය යාවත්කාලීන කෙරේ.

මෙවර ප්‍රතිපත්තිය එළි දැක්වීම හරහා “ප්‍රජාව තුළින් ම මානසික සෞඛ්‍යය ගොඩනැංවීම” යන තේමාව මූලික කරගනිමින් ළමා හා වැඩිහිටි මානසික සෞඛ්‍ය ගොඩනැංවීම,හිංසනය වැලැක්වීම,සියදිවි හානි වීම් අවම කර ගැනීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය, මානසික රෝගී තත්ත්ව වලින් පෙළෙන්නන්, පුනරුත්ථාපනය,සේවාලාභීන්ගේ ගුණාත්මක භාවය වැඩි කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබේ.

මෙයට සමගාමීව ජාතික මානසික උපකාරක සේවය (1926) ද අද අමාත්‍යවරයා විසින් එළි දැක්වුණු අතර ඉන් දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මානසික සෞඛ්‍ය උපකාරක සේවාව දිස්ත්‍රික් මට්ටමින් හා ජාතික මට්ටමින් ලබාගත හැක.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ සාර්ථක යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා පුද්ගලයකුගේ යහපත් මානසික සෞඛ්‍ය ඉවහල් වන බවත් යහපත් මනසක් ඇති පුද්ගලයන්ගෙන් යහපත් සමාජයක් බිහි වෙන බවයි.

කොඩිඩ් වසංගතය ඇතුළු අභියෝග හේතුවෙන් පසුගිය වසර දෙක තුළ ජනතාවගේ මානසික යහ පැවැත්ම පවත්වා ගෙන යාම අභියෝගයක් වූ බව ද ඒ තුළ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ගේ මැදිහත්වීම ද අවම වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ වෙනුවෙන් භාවිතා කරන ඖෂධයන්ගේ ප්‍රබලතාවය ට වඩා වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින්ගේ රෝගී සත්කාරයෙදී දයානුකම්පාව කරුණාව වැනි මානුෂීය ගුණාංගයන් ඉස්මතු විය යුතු යැයි ද පෙන්වා දුන්නේ ය.

මෙම මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ජාතික මාර්ගෝපදේශයක් බවට පත්කර පුද්ගල මානසික සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට කටයුතු කළ යුතු යැයි ද එය ප්‍රතිපත්තිමය ලියවිල්ලකට සීමා නොකර එහි ඵලදායිතාවය ,වගවීම නිසිලෙස ලබා දිය යුතු යැයි ද අමාත්‍යවරයා කීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය මෙහිදී අදහස් පල කර සිටියේ ලොවපුරා රටවල් අතරින් රටවල් 21ක පමණක් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බවද ඒ තුළ ශ්‍රී ලංකාවේ එවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම රටෙහි සෞඛ්‍ය පද්ධතියට වඩා වටිනාකමක් එක් කර ඇති බවයි.

ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවාව ඉහළ නැංවීම තුළින් මානසික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය වැඩි දියුණු කර ගත හැකි යැයි ද විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඉහළ මට්ටමේ පවතින බැවින් එවැනි තත්ත්වයක් සාර්ථක කරගත හැකි යැයිද අලාකා සිං මහත්මිය මෙහිදී පැවසීය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත,අතිරේක ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) වෛද්‍ය එස්.ශ්‍රීදරන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය එන්.වී.ආර්.රත්නායක ඇතුළු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරුන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

Post Views: 15
Previous Post

ඉරාන තානාපති හෂේම් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හමුවෙයි

Next Post

කැබිනට් ප්‍රකාශයවරයා කියු හිටපු ජනපතිගේ වියදම් රජයේ මුදලින් නොවේ

editor

editor

Next Post

කැබිනට් ප්‍රකාශයවරයා කියු හිටපු ජනපතිගේ වියදම් රජයේ මුදලින් නොවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved