• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වන්නි යාත්‍රා පාපැදි යාත්‍රාව සාර්ථකව නිමා විය

20 June 2018
in විදෙස්

පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය (ECO-V) මගින් දේශගුණික සාධාරණත්වය උදෙසා ක්‍රියාකාරී තරුණ පරපුරක් බිහි කිරීමේ අරමුණින් යුතුව 7 වන යාත්‍රා වැඩසටහන වශයෙන් සංවිධානය කරනු ලැබූ “වන්නි යාත්‍රා 2018” වැඩසටහන මෙවරද පැවැත්විණ.

ඒ, ජුනි මස 03 වන දිනට යෙදී තිබූ ලෝක පාපැදි දිනය මූලික කරගනිමින් ආරම්භ වූ අතර 2018 වර්ෂයේ ජුනි මස 04 වනදා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්ගේ මූලිකත්වයෙන් කිලිනොච්චි දිස්තික් ලේකම් කාර්යාලය අසලින් පාපැදි යාත්‍රාව නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.

මෙම යාත්‍රා වැඩසටහන ආරම්භක දිනයේ සිට දින 09 ක් පුරා පැවැත්වූ අතර ජුනි 05 වන දිනට යෙදී තිබූ ලෝක පරිසර දිනයටත් ජුනි 08 වන දිනට යෙදී තිබූ ලෝක සාගර දිනයටත් සමගාමීව කිලිනොච්චි නගරයේ සිට මුලතිවු හරහා වවුනියාව දක්වා කිලෝමීටර 200කට ආසන්න දුරක් ගෙවා පාපැදි යාත්‍රාවක් ලෙස දියත් වූයේ උතුර සහ දකුණ නියෝජනය වන පරිදි සිංහල හා දමිළ ජාතිකයන් නියෝජනය කරන 30 දෙනෙකුගෙන් සමන්විත තරුණ කණ්ඩායමක් හට දැනුමින් සහ නව අත්දැකීම් සමුදායකින් සන්නද්ධ කරමිනි.

කාබන් විමෝචනයකින් තොර ලාංකික ජනතාවගේ සෞඛ්‍ය තත්වයට වඩාත් හිතකර ප්‍රවාහන මාධ්‍යයක් වන පාපැදිය ජනතාව අතර නැවතත් ප්‍රචලිත කරවීමට අනුබල දීමක් වශයෙන් මෙම යාත්‍රාව පාපැදි භාවිතයෙන් කරන යාත්‍රාවක් ලෙස දියත්වූ අතර මෙම දින 09 පුරාවටම තරුණ යාත්‍රිකයන් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සඳහා වැඩි කතාබහට ලක් නොවන වන්නි ප්‍රදේශය තුළ පවත්නා පරිසර පද්ධතීන්හි දායකත්වය පිළිබඳව මනා අවබෝධයක් ලැබීය. එය ඉදිරි පරම්පරාවට රැක ගැනීම සඳහා සමස්ත මහජනතාවට මේ පිළිබඳ අවබෝධය ලබාදීමේ ක්‍රියාවලියෙහි මූලික පියවර වශයෙන් වැඩසටහන පැවැත්විය.

මෙම ප්‍රදේශයෙහි උග්‍ර ගැටළුවක් වන පොලිතීන් ප්ලාස්ටික් අධි පරිභෝජනය සහ එහි අහිතකර ප්‍රතිඵල පරිසරයට මෙන්ම තම සෞඛ්‍යටද අහිතකර ආහාර, ජල දූෂණය, වායු දූෂණය ආදී පරිසරයට අහිතකර සියලුම මිනිස් ක්‍රියාකරම් වලින් මිදී නිසි පරිභෝජන රටාවකට හුරු වන ආකාරය පිළිබඳව පාසල් සිසුන්, රාජ්‍ය ආයතනවල සේවක මහත්ම මහත්මීන් ඇතුළු සමස්ත මහජනතාවට දේශන, දැනුවත් කිරීමේ වැඩසටහන්, රුක්රෝපණ වැඩසටහන් හා වීදී නාට්‍ය ආදී විශේෂාංග මගින් දැනුම අවබෝධය ලබාදීමට යාත්‍රිකයන් උත්සුක විය.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ක්‍රියා කරන හරිත නායකයින් බිහිකිරිමේ සත්කාරයට දේශීය විදේශීය ආයතන සහයෝගය ලබා දුන් අතර මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ශ්‍රි ලංකා පොලීසිය සහ ශ්‍රි ලංකා යුද හමුදාව අතිමහත් සහයෝගයක් ලබාදුන් බව මෙහිදී සඳහන් කරන අතර ජුනි මස 11 වන දින වවුනියා නගරයේදී නිමාව සනිටුහන් කල ,වන්නි “වන්නි යාත්‍රා 2018” තවත් අවසානයක් නොව නව හරිත නායකයන්ගේ ආරම්භයක් වන බව අපගේ විශ්වාසයයි. අපගේ ඉදිරි වැඩසටහන් සඳහා සම්බන්ද වීමට කැමත්තක් දක්වන පරිසර හිතකාමී තරුණ තරුණියන්ට www.eco-v.org වෙබ් අඩවිය මගින් සම්බන්ධ විය හැක.

Post Views: 21
Previous Post

ගෝඨා පරද්දන්න ඥානසාර හිමිට පුළුවන්

Next Post

අමෙරිකාව දෙබිඩි පිළිවෙලත් අනුගමනය කරනවා

editor

editor

Next Post

අමෙරිකාව දෙබිඩි පිළිවෙලත් අනුගමනය කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved