27 April 2024
#දේශීය

වැඩිවූ විදුලි බිලට විරෝධයක් එප්පාවලදී

වැඩිවූ විදුලි බිලට විරෝධය දක්වමින් ඊයේ (22) රාත්‍රියේ එප්පාවල නගර මධ්‍යයේ පන්දම් දල්වා විරෝධතාවයක් පැවැත්විණ.

ජාතික ජන බළවේගය විසිනි මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි. පන්දම් දල්වමින් විරෝධතාවයේ යෙදුනු පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාළයක් විරෝධතාවයෙහි නිරත වූහ.

එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ, ‘ආණ්ඩුවට දැවැන්ත විරෝධයක් එල්ල කිරීමේ පරමාර්ථයෙන් අද එප්පාවල නගරයට ජනතාව එකතු වෙලා ඉන්නේ, අවස්ථා තුනකදී විශාල ලෙස විදුලි බිල වැඩි කරලා තියෙනවා, ඒ හරහා ජන ජීවිතය විශාල ලෙස කඩා වැටිලා තියෙනවා. මේ පිළිබඳව ආණ්ඩුව සමඟ සාකච්ජා කළත්, ඉල්ලීම් කළත් ඒවාට ආණ්ඩුව ඇහුම්කම් දුන්නේ නෑ, ආණ්ඩුවට අපි බල කරලා කියන්නේ මේ විදුලි බිල අඩු කරලා ජනතාව මත පටවලා තියෙන බර අඩු කරපල්ලා කියලා.මේ විදුලි බිල හරහා කඩේ තියෙන මස් කෑල්ල, බීම බෝතලයේ මිළ වැඩි වෙනවා වගේම, ඉදි කිරීම් උපකරණ ඇතුළු ඉදි කිරීම් ක්ෂ්‍රේත්‍රයේ සියලු දේ වල මිළ වැඩි වෙනවා, මේ දරා ගන්න බැරි විදුලි බිල වහාම අඩු කරපල්ලා, පහුගිය කාළයේ මේ වගේ ප්‍රශ්න දරා ගන්න බැරිව මිනිස්සු පාරට බැහැලා ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැව්වා, ජනතාවගේ හඩට කන් නොදුන්නොත් ඒ විදිහට රනිල් රාජපක්ෂත් ගෙදර යනව වැඩ පිළිවෙල නුදුරේදීම ජාතික ජන බලවේගය ආරම්භ කරනවා යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *