කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ පානදුර නගරයේ පිහිටි නිවසකට ඇතුළු වූ පිරිසක් එහි තිබූ වටිනා රිදී කරඬුවක් සොරාගෙන ගොස් ඇතැයි පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.
නිවසේ වහලයේ උළු කැට කිහිපයක් ඉවත් කර සැකකරුවන් නිවස තුළට ඇතුළු වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සොරකම සිදු කිරීමෙන් අනතුරුව සැකකරුවන් නිවසේ පිටුපස දොර විවෘත කරගෙන පළාගොස් ඇති බව පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















