2026 මැයි මස 12 වන දින රාත්‍රී කාලයේදී බෙම්මුල්ල පොලිස් වසමට අයත් වල්පිටමුල්ල ප්‍රදේශයේදී සිදු වූ පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වල්පිටමුල්ල, දෙවලපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි තරුණයෙකි. මියගිය පුද්ගලයා සිය නිවසේ රැඳී සිටි අවස්ථාවක එතැනට පැමිණි අසල්වැසියෙකු විසින් ඔවුන් අතර පැවති පැරණි ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බෙම්මුල්ල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.

















