27 April 2024
#දේශීය

රටේ අනාගතය බාර ගන්න අය රට අතහැර යන තත්ත්වයට පත් වෙලා – විපක්ෂනායක

රටට මහා ශක්තියක් සපයන මේ රටේ තරුණ පරම්පරාව රට අත්හැර යන තත්ත්වයකට පත්ව ඇති බවත්, රටේ තරුණ පරම්පරාව පාස්පෝට් පෝලිමකට ඇද දැමූ ආණ්ඩුව තරුණ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද (20) පස්වරුවේ ගොවි හදගැස්මට සමගාමීව දොම්පේ කිරිඳිවැල අන්නාසි ගොවීන්ගේ ගැටළු විමසීම පිණිස එම ප්‍රදේශයේ ගොවි ජනතාව හමුවිය.

රටේ අනාගතය බාර ගන්නට සිටින සමස්ත තරුණ පරපුර අපේක්ෂා භංගත්වයට පත් කොට ඔවුන්ගේ අනාගතය පිළිබඳව බරපතල අවිශ්වාසයක් ඇති කළාට පසු රටකට යන කල කුමක්දැයි විපක්ෂ නායකවරයා මෙහිදී විමසා සිටියේය.

කිසිවෙකුට කරදරයක් නොවී තමන්ගේ ශක්තියෙන් මේ රටට ආහාර සැපයූ ගොවියාව ආණ්ඩුව හිතුවක්කාරි අත්තනෝමතික ලෙස අගාධයට තල්ලු කොට දමා ඇතැයි හෙතෙම පැවසීය.

ගොවීන්ගේ වගාවලට හානි සිදු වුණොත් වන්දි ගෙවන බවට ආණ්ඩුව අද පුරසාරම් කීවද, අඩුම තරමේ මාස ගණනක් තිස්සේ මහ පාරේ සිටින ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය සහ ප්‍රශ්නය විසඳීමට මුදල් වෙන් කර ගැනීමට තරම්වත් හැකියාවක් නැති ආණ්ඩුව ගොවීන්ගේ ප්‍රශ්න වලට උත්තර සපයමින් වගා හානිය ලබාදෙන්නේ කෙසේ දැයි තමන් ප්‍රශ්න කරන බව බව ද ප්‍රේමදාස මහතා කියා සිටියේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා, පළාත් සභා මන්ත්‍රී ජෝර්ජ් පෙරේරා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින් රැසක්ද, ගොවි ජනතාව විශාල පිරිසක් ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *