කටුනායක සිට තලවකැලේ, ලිදුල බලා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුර ඊයේ (15) පස්වරු 4:00ට පමණ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කැරොලිනා වත්ත ප්‍රදේශයේදී සිදුව ඇති බව වාර්තා වේ. අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරුට නින්ද යාම හේතුවෙන් ත්‍රීරෝද රථය පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුර හේතුවෙන් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව තිබේ.
















