ඩෙංගු රෝගය වැළඳී ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තෙහැවිරිදි දැරියක් ඩෙංගු රක්තපාත උණ තත්ත්වයේ සංකූලතා නිසා මියගොස් තිබේ.
මාතර නාවිමන, මාකාවිට ප්‍රදේශයේ පදිංචි යද්දෙහිගේ ජිපුලි මනුල්යා නම් තෙහැවිරිදි දැරියක මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇයගේ මරණය සම්බන්ධයෙන් ගාල්ල ජාතික රෝහලේදී පැවති හදිසි මරණ පරීක්ෂණයේදී දැරියගේ මව විසින් සිදු කළ සාක්ෂි සටහන් කර ඇත. උණ රෝගය වැළඳීමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු වුවද, රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් දික්වැල්ල දිසා රෝහල, මාතර මහ රෝහල සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය වෙත ඇය ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇතත්, දැරියගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වී තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් මෙය ඩෙංගු රක්තපාත උණ වැළඳීමෙන් ඇති වූ සංකූලතා නිසා සිදුවූ මරණයක් බව හදිසි මරණ පරීක්ෂකවරයා තීරණය කර ඇත.
















