ඇමරිකානු ජනාධිපතිවරයා තවත් නිමාවක් නොමැති යුද්ධයක (forever war) දැඩි අවදානමකට මුහුණ දෙමින් සිටින බව ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ යුධ අධ්‍යයනය පිළිබඳ සම්මානිත මහාචාර්ය ලෝරන්ස් ඩී. ෆ්‍රීඩ්මන් පෙන්වා දී ඇත.
ප්‍රබල හමුදාවන් මෙහෙයවන නායකයින් බොහෝ විට “කෙටි යුධ මුලාවට” හසු වීමේ ප්‍රවණතාවයක් ඇති බවත්, ඉරානය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඇමරිකානු ජනාධිපතිවරයාද හමුදා බලයේ සීමාවන් වටහා ගැනීමට අපොහොසත් වී ඇති බවත් ඔහු අවධාරණය කරයි. යුධ පිටියේ උත්තරීතර බව දේශපාලනික හා රාජ්‍ය තාන්ත්‍රික සාර්ථකත්වයන් බවට පත් කිරීමට නිසි උපාය මාර්ගයක් නොමැති නම් අති නවීන හමුදාවන් පවා ප්‍රමාණවත් නොවන බව විද්වතුන් පෙන්වා දෙති.
මීට අමතරව, 2018 වසරේදී ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීම සහ ඊශ්‍රායලයේ බලපෑම මත ලෙබනනය, පලස්තීනය සහ යේමනය වැනි රටවල ඉරාන නියෝජිත කණ්ඩායම් හරහා සිදුවන සමාන්තර ගැටුම්වලටද ජනාධිපතිවරයා මැදිහත් වී තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය අවහිර කරමින් ඇමරිකාවට දැඩි ආර්ථික බලපෑමක් එල්ල කිරීමේ හැකියාව ඉරානය සතුවීම හේතුවෙන්, මෙම අර්බුදය සඳහා සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබා ගැනීම තවමත් බොහෝ දුරස්ථ වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















