දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (25) පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන මෙලෙස වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ මෙලෙස වැසි ඇතිවීම තරමක සහනයක් වුවද, අකුණු අනතුරු පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත් වේ.














