බඩ ඉරිඟු ආනයනය කිරීමේදී පනවා තිබූ විශේෂ වෙළඳ බද්ද කිලෝවකට රුපියල් 75 සිට රු 25 දක්වා අඩු කරනු ලැබූයේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම සඳහා ආනයනය කරන බඩ ඉරිඟු සඳහා පමණක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ පැවති ක්‍රීඩා වැඩසටහනතකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම බද්ද අඩු කළඳ අනිකුත් බඩ ඉරිඟු ආනයන කටයුතු සඳහා මෙම බදු අඩු කිරීම බල නොපැවැත්වෙන බවයි.
එසේ ත්‍රිපෝෂ නිෂ්පාදනයට ප්‍රමාණවත් පරිදි බඩ ඉරිඟු ගෙන්වීමෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක මෙම බද්ද යලි පැනවිය හැකි බව හෙතෙම පැවසිය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රු. කෝටි 200 ක පමණ අගරු චෙක්පත් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු සඳහන් කළා.