පුරාණ තොටගමුව රත්ඳත් රජමහා විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු මහා පෙරහැර 2026 ජූලි 12 දින පස්වරු 01:00 සිට වීථි සංචාරය කිරීමට නියමිත බැවින්, එම කාලසීමාව තුළ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරන බව ඇල්පිටිය පොලිසිය දැනුම් දෙයි.
පෙරහැර විහාරස්ථානයෙන් ආරම්භ වී ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස, ගාලු පාර ඔස්සේ වැරැල්ලාන ඉන්ධන පිරවුම්හල දක්වා ගමන් කර යළිත් එම මාර්ගයෙන්ම විහාරස්ථානයට පැමිණීමට නියමිතය. මෙම කාලසීමාව තුළ හිකුකඩුව හන්දියේ සිට කහව හන්දිය දක්වා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.
කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් කරන වාහන:
කහව හන්දියෙන් වමට හැරී මීටියාගොඩ, කිරලගහවැව, අළුත්වල සරණ හන්දියෙන් දකුණට හැරී ගෝනපීනුවල හරහා කුමාරකන්ද හන්දියෙන් ගාලු පාරට පිවිසිය හැක. විකල්පයක් ලෙස ගෝනපීනුවල – හික්කඩුව මාර්ගයේ ගමන් කර හික්කඩුව නගරයෙන් ගාලු පාරට පිවිසිය හැකිය.
ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන:
හික්කඩුව නගරයෙන් ගෝනපීනුවල, දංවත් හන්දිය, අම්පේගම, බටපොළ නගරය සහ තිලකපුර මාර්ගය ඔස්සේ අම්බලන්ගොඩ රොතේන් හන්දියෙන් ගාලු පාරට පිවිසිය හැක.
රියැදුරන් වෙත වැඩිදුරටත් දැනුම් දෙන්නේ, පෙරහැර ගමන් ගන්නා කාලසීමාව තුළ හැකි සෑම විටම විකල්ප මාර්ග හෝ අධිවේගී මාර්ගය භාවිත කරන ලෙසයි.
















