• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හමුදාවන් දේශය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය යාන්ත්‍රණයට සහය විය යුතුය – ආරක්ෂක ලේකම්

12 December 2020
in දේශීය

එල්ටීටීඊ ක්‍රියාකාරකම් හේතුවෙන් දශක තුනක් තිස්සේ විනාශයට පත්වූ අපේ රට පුනර්ජීවනය කිරීම සඳහා දේශය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය යාන්ත්‍රණයට සහයවීමට සන්නද්ධ හමුදා සැමවිටම සූදානම් විය යුතු බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි.

ගෝලීයකරණය, තාක්‍ෂණික දියුණුව සහ වෙනත් නවෝත්පාදනයන්හි ලෝකයේ අඛණ්ඩ පරිණාමය සමඟ රටවල් වේගයෙන් ඉදිරියට යාම පිළිබඳව අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික, තොරතුරු, හමුදාමය සහ ආර්ථික ක්ෂේත්‍රවල ඉහළ පැතිකඩක් කරා ළඟාවීමට රටවල් උත්සහ කරමින් සිටින බැවින් ශ්‍රී ලංකාවට ළඟා කර ගත හැකි ඉහළම ප්‍රමිතීන් ළඟා කර ගැනීම සදහා අප හට සන්නද්ධ හමුදා අවශ්‍ය බවයි.

ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ ( 11) දින කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරාධිත අමුත්තන් අමතමිනි.

මෙම උත්සවයේදී ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදාවේ තරුණ නිලධාරීන් 132 ක් සහ විදේශීය රටවල් 11 ක නිලධාරීන් 18 දෙනෙකුට උපාධි ප්‍රදානය සිදුකරන ලදී.

ඒ අනුව බංගලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, ඕමානය, පකිස්තානය, රුවන්ඩාව, සෞදි අරාබිය සහ සුඩානය යන රටවල විදේශීය ශිෂ්‍ය නිලධාරීන් ද උපාධි ලබා ගත්හ.

වසරේ හොඳම පර්යේෂණය නිබන්ධනය ඉදිරිපත් කිරීම වෙනුවෙන් පිරිනමනු ලබන ‘Golden Pen’ සම්මානය දිනා ගනු ලැබූ මේජර් බී ජී එන් අයි කරුණාතිලක වෙත මේජර් ජෙනරාල් ගුණරත්න මහතා විසින් එම සම්මානය ප්‍රදානය කරන ලදී.

හමුදා අධ්‍යාපනයේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් සඳහා කෙරෙන ආයෝජනය පිළිබඳව සදහන් කරමින් ඔහු කියා සිටියේ, පුහුණුව සඳහා හමුදාවේ ප්‍රමුඛතාවය සහතික කළ යුතු බවත්, ජෙනරාල්, අද්මිරාල් හෝ එයාර් මාෂල් නිලයේ නායකයින් ද ඕනෑම අභියෝගයක් භාර ගැනීමට පුහුණුවීම සඳහා හමුදාවේ ප්‍රමුඛතාවය සහතික කළ යුතු බවයි.

මෙම අවස්ථාවට මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඒ.රත්නායක, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මහත්මිය, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ හිටපු සේනාවිධායකවරුන්, අතිරේක ලේකම් ආරක්ෂක, කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීන්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක උපදේශකවරුන්, සියලුම විදේශීය සිසුන් ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 11
Previous Post

මැලේසියාවේ අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් 272 දිවයිනට – විදේශ අමාත්‍යංශය

Next Post

විපක්ෂය නොකරපු දේවල් අපි කරනවා – රාජ්‍ය අමාත්‍ය ලාන්සා

editor

editor

Next Post

විපක්ෂය නොකරපු දේවල් අපි කරනවා - රාජ්‍ය අමාත්‍ය ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved