ඇමෙරිකා එක්සත් ජනපදය තුළ උපත ලබන දරුවන්ට ඉබේම හිමිවන පුරවැසිභාවය (Birthright Citizenship) අහෝසි කිරීමට තමන් පැනවූ ප්‍රතිපත්තිය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බලවත් පීඩනය සහ කෝපය පළ කර තිබේ. මෙම නඩු තීන්දුව නැවත විභාග කරන ලෙස (Rehearing) තමන් වහාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින බව ඔහු නිවේදනය කළේය.
ට්‍රම්ප් විසින්ම පත් කරන ලද විනිසුරුවරුන් තිදෙනෙකු ඇතුළුව 6ට 3ක කොන්සර්වේටිව් බහුතරයක් සහිත ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය, පසුගිය මාසයේදී ට්‍රම්ප්ගේ මෙම සංක්‍රමණික ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ පිළිබඳව Truth Social මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේ, “ඇමෙරිකානු පුරවැසිභාවය සල්ලිවලට විකුණන්න බැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සම්පූර්ණයෙන්ම වැරදියි” යනුවෙනි. ඔහු සිය ධුරයේ පළමු දිනයේදීම විධායක නියෝගයක් මඟින් මෙම උපදින දරුවන්ට දෙන පුරවැසි අයිතිය අත්හිටුවීමට පියවර ගෙන තිබුණේ නීත්‍යානුකූල නොවන සංක්‍රමණ මැඩපැවැත්වීමේ අරමුණිනි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















