රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබලත්වයෙන් යුතුව වෙනිසියුලාවට බලපෑ විනාශකාරී භූමිකම්පාවෙන් විපතට පත් ජනතාව මුදාගැනීමේ සහ සහන සැලසීමේ කටයුතු සඳහා තුර්කිය සිය සෘජු දායකත්වය ලබා දී තිබේ. ඒ අනුව විශේෂඥ මුදාගැනීමේ නිලධාරීන්, වෛද්‍යවරුන්, රතු අඩසඳ සංවිධානයේ (Red Crescent) කාර්ය මණ්ඩලය සහ පුහුණු කළ සුනඛයන් ඇතුළු 60 දෙනෙකුගෙන් යුත් සහන කණ්ඩායමක් තුර්කිය විසින් වෙනිසියුලාව බලා පිටත් කර හැර ඇත.
මෙම විශේෂ සහන කණ්ඩායම සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන තුර්කි ගුවන් හමුදාවට අයත් දැවැන්ත “A400M” වර්ගයේ ප්‍රවාහන ගුවන් යානා දෙකක් වෙනිසියුලාව බලා ගමන් ආරම්භ කර තිබේ. මෙවැනි මහා විපතකදී මිනිස් ජීවිත බේරාගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සෑම සහයෝගයක්ම අතිශයින්ම වටිනා බව විදේශ මාධ්‍ය පෙන්වා දෙයි.
















