පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රාජාංගනය ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා එහි වාන් දොරටු 12ක් විවෘත කිරීමට වාරිමාර්ග ඉංජිනේරුවරුන් පියවර ගෙන තිබේ. ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කලාවැවෙහි වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් රාජාංගනය ජලාශය වෙත ලැබෙන ජල ධාරිතාව මෙලෙස ඉහළ ගොස් ඇත.
වාන් දොරටු 04ක් අඩි 06 බැගින්
වාන් දොරටු 04ක් අඩි 05 බැගින්
වාන් දොරටු 04ක් අඩි 04 බැගින්
මේ හරහා තත්පරයට ඝන අඩි 14,287ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බව ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය. මේ හේතුවෙන් කලා ඔය දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාවට සහ කලා ඔය පරිහරණය කරන්නන්ට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී සිටියි.














