27 April 2024
#දේශීය

ගාලු පාරේ තිබු බස් රථයක් සොරකම් කල දෙදෙනෙකු අත්අඩංගුවට

ගාලු පාර ආසන්නයේ ඊයෙ (18) අලුයම නවතා තිබු බස් රථයක් සොරා ගැනීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පින්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් ලක්ෂ 16 ක් පමණ වටිනා අදාළ බස් රථය ගාලු මුවදොර ආසන්නයේ තිබියදී සොයා ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් අලව්ව හා වාද්දුව ප්‍රදේශවල පදිංචිකරුවන් අතර ඔවුන් වයස අවුරුදු 28 ත් 29 ත් අතර වයස්වල පසුවන්නන් වේ.

අද (19) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පින්වත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *