• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

26 July 2020
in දේශීය

කොටහේන, මැල්වත්ත ප්‍රදේශයේදී කල වැටලිමකදි හෙරොයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 800 ක් සමඟ සැකකරුවෙකු කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු දැනට බන්ධනාගාර ගතව සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානි ඉම්බ්‍රාන්ගේ සමීපතයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

සැකකරු පසුගිය 02 මාසයේදී ආශා පාරික් කමල්දින් නැමැති කාන්තාවට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමට ආධාර අනුබලදීමේ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති පුද්ගලයෙකු බවට අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වු මෛත්‍රිබෝධිරාජ මාවත, කොලඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගනු ලැබු සැකකරු හෙට (27) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එසේම අද (26) සවස කොටහේන මහාවිද්‍යාලය අලසදී මාකඳුරේ මදුෂ් යන අය සමඟ ඩුබායි හිදි සමීප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයෙකු කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු 2018 වසරේදී පාතාල ක්‍රියාකාරි සිද්ධියක් සම්බන්දයෙන් අළුත්කඩේ පල්ලිය අසලදී වෙඩි තබා ඝාතනයට ලක් වු මොහොමඩ් හුසෙයින් මොහොමඩ් රිස්කාන් නැමැති පුද්ගලයා සමඟ ද සමිප සම්බන්ධතා පැවැති බවට තොරතුරු අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

අදාල සැකකරු වයස අවුරුදු 43 ක් වන වෙන්නවත්ත. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු හෙට (27) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

 

 

 

 

 

 

 

 

Post Views: 4
Previous Post

කොවිඩ් අවධානම අවසන් නෑ – වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා පවසයි

Next Post

රට විරුවන්ට සුබ පුවතක් – ගෙන්වා ගැනීමේ මෙහෙයුම් සූදානම්

editor

editor

Next Post

රට විරුවන්ට සුබ පුවතක් - ගෙන්වා ගැනීමේ මෙහෙයුම් සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved