27 April 2024
#දේශීය

අනතුරකින් ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙකු මරුට

තිහගොඩ, යටියන මාතර ප්‍රධාන මාර්ගයේ අපරැක්ක ප්‍රදේශයේදී ඇඟළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු වෑන් රථයක් හා බස් රථයක් එකිනෙක ගැටිමෙන් සිදු වු අනතුරින් ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

අද (04) පෙරවරුවේ තිහගොඩ, යටියන මාතර ප්‍රධාන මාර්ගයේ අපරැක්ක ප්‍රදේශයේදී මාතර දෙස සිට යටියන දෙසට ඇඟළුම් සේවිකාවන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍ර තිවරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ඇඟළුම් සේවිකාවන් ප්‍රවාහනය කල වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ඇඟළුම් සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් පුද්ගලික බස් රථයක් හා එකිනෙකට ගැටී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් ඇඟළුම් සේවිකාවන් පස් දෙදෙනෙකු හා බස් රථයේ ගමන් ගත් ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතල තත්ත්යේ පසු වු වෑන් රථයේ ගමන් ගත් සේවිකාවන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

මිය ගිය දෙදෙනා අවුරුදු 35 හා 45 වයස් කණ්ඩවල පසුවන බෙලිඅත්ත හා පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ හා බස් රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අද (04) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් තිහගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *