පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනකු මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 2026 මැයි 7 වන දින මුල්ලේරියාව පොලිස් වසමේ අංගොඩ, එන්. පී. පෙරේරා මාවත ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.
එහිදී මෝටර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 43 සහ 44 යන වයස්වල පසුවන කැලණිමුල්ල සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම ජාවාරම සම්බන්ධයෙන් සහ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
















