27 April 2024
#දේශීය

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු තලෛයිමන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine)ග්‍රෑම් 956ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් තලෛයිමන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාර සිදු කරනු ලබයි.

මෙලෙස අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 7.6 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වසය අවුරුදු 37 සහ 45 යන වයස් වල පසුවන තලෛයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය, ඩිංගි යාත්‍රාව, සැකකරුවන් සහ ඔවුන් සතුව තිබූ අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

 

 

 

Navy nabs two suspects with Crystal Methamphetamine worth over Rs.7.6 million in Talaimannar seas

Sri Lanka Navy nabbed 02 suspects with about 956g of Crystal Methamphetamine (ICE) and a dinghy, during a patrol in seas north of Talaimannar this morning (08th April 2022).

Sri Lanka Navy has been conducting regular patrols in waters around the island to prevent smuggling of drugs and other forms of illegal activities. During a similar patrol, an Inshore Patrol Craft attached to the North Central Naval Command detected a suspicious dinghy in seas north of Talaimannar on the morning of 08th April and recovered about 956g of Crystal Methamphetamine being smuggled by the dinghy. Accordingly, the Navy held those 02 suspects with narcotics, equipment in their possession and the dinghy used for this illegal act.

The gross street value of seized Crystal Methamphetamine is believed to be over Rs. 7.6 million.

The suspects held were identified as residents of Talaimannar area, aged 37 and 45. The accused together with narcotics, their belongings and the dinghy were handed over to the Talaimannar Police for onward legal proceedings.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *