ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයන් හට ලබන සැප්තැම්බර් 1 වනදා සිට සතියකට දින දෙකක් දක්වා නිවසේ සිට වැඩ කිරීමට (Work from Home) නීතිමය අයිතිය හිමිවන බව එරට ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් නිවේදනය කර තිබේ. මෙම නව නීතිය ක්‍රියාත්මක වන්නේ දුරස්ථව සිදුකළ හැකි රැකියා සඳහා පමණක් වන අතර, මෙවැනි අයිතියක් නීතිගත කරන ඕස්ට්‍රේලියාවේ පළමු බල ප්‍රදේශය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්වනු ඇත.
වික්ටෝරියා ප්‍රාන්තයේ සමාන අවස්ථා පනතට (Equal Opportunity Act) සිදුකරන සංශෝධන හරහා මෙම පියවර ක්‍රියාත්මක කෙරෙන අතර, සේවක සංඛ්‍යාව 15කට අඩු කුඩා ආයතන සඳහා මෙය ක්‍රියාත්මක වීම 2027 ජූලි දක්වා ප්‍රමාද කර ඇත. ගමනාගමන කාලය අවම කර පවුල් ජීවිතය සහ රැකියාව අතර සමබරතාවය (Work-life balance) වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව රජය පවසයි. මෙම තීරණය සම්බන්ධයෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ මිශ්‍ර ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර, ඇතැම් පිරිස් මෙය ප්‍රශංසාවට ලක් කරන අතරවාරයේ තවත් පිරිසක් ආයතනික ඵලදායිතාවයට මෙයින් එල්ල විය හැකි බලපෑම පිළිබඳව සැක පළ කරති.















