එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය අඩපණ කිරීමට සැලසුම් කළ ඉරානයට සම්බන්ධ බව කියන ත්‍රස්තවාදී කණ්ඩායමක් එරට රාජ්‍ය ආරක්ෂක සේවය (State Security Service) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
WAM පුවත් සේවයට අනුව, සාමාජිකයින් 27 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ඉරානයේ ‘Wilayat al-Faqih’ දර්ශනය සමඟ සම්බන්ධ වී ඇති අතර, ඔවුන් රට තුළ රහසිගත ක්‍රියාකාරකම් සහ විනාශකාරී ක්‍රියා (Sabotage operations) සිදු කිරීමට සැලසුම් කර තිබුණි. මෙම කණ්ඩායම තරුණයින් බඳවා ගැනීම, ඔවුන්ට අන්තවාදී මතවාද පතුරුවාලීම සහ සංවේදී ස්ථාන (Sensitive sites) වෙත ප්‍රවේශය ලබා ගැනීමට උත්සාහ කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
පරීක්ෂණවලට අනුව, මෙම සැකකරුවන් රට තුළ සහ ඉන් පිටතදී විවිධ සැකකටයුතු සංවිධාන සහ ත්‍රස්තවාදී පුද්ගලයින් සමඟ රහසිගත රැස්වීම් පවත්වා තිබේ. එමෙන්ම අවිධිමත් මාර්ග ඔස්සේ මුදල් රැස් කර විදේශයන්හි පිහිටි සැකකටයුතු ආයතන වෙත යොමු කර ඇති බව ද සඳහන් වේ.
අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව රහසිගත සංවිධානයක් පිහිටුවීම සහ කළමනාකරණය කිරීම, විදේශීය බලවේගයන්ට පක්ෂපාතීත්වය දැක්වීම සහ ජාතික සමගිය අනතුරේ හෙළීම යන චෝදනා යටතේ නීතිමය පියවර ගෙන තිබේ. මැදපෙරදිග කලාපීය ආතතිය ඉහළ ගොස් ඇති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම වාර්තා වීම විශේෂත්වයකි.














