බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අතර ක්‍රියාත්මක “one in, one out” සංක්‍රමණ වැඩපිළිවෙළ යටතේ වයස පිළිබඳ මතභේද ඇතිවූ පුද්ගලයන් 304 දෙනෙකුගෙන් 94 දෙනෙකු, එනම් 31%ක්, පසුව දරුවන් බවට තක්සේරු කර ඇති බව අනාවරණය වී තිබේ. බන්ධනාගාර සහ සංක්‍රමණ රැඳවුම් මධ්‍යස්ථාන අධීක්ෂණය කරන Independent Monitoring Boards (IMBs) හි අන්තර්‌වාර සභාපති Jane Leech විසින් Home Office අමාත්‍ය Anna Turley වෙත යැවූ ලිපියක මෙම සංඛ්‍යා සඳහන් කර ඇත. ඒ අනුව දරුවන් ආරක්ෂා කිරීම සඳහා පවතින ක්‍රමවේද ප්‍රමාණවත්ද යන්න පිළිබඳ IMB දැඩි අවධානය යොමු කර තිබේ.
2025 අගෝස්තු 15 සිට 2026 මැයි 1 දක්වා මෙම වයස් මතභේද 304 වාර්‌තා වී ඇති අතර, ඇතැම් පුද්ගලයන්ගේ වයස තක්සේරු කිරීමට දින 40කට වැඩි කාලයක් ගතවූ බවද ලිපියේ සඳහන් වේ. වැඩසටහන යටතේ රඳවා සිටින ඇතැමුන් වධහිංසා සහ අපයෝජනවලින් දිවි ගලවාගත් පුද්ගලයන් බවත්, මානසික පීඩනයෙන් පසුවන බවත් IMB පෙන්වා දී තිබේ. ක්ෂය රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකු රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකර තිබීම සහ තවත් අයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ වීම නිසා සෘජුව රෝහල්ගත කිරීමට සිදුවීමද එහිදී හෙළි කර ඇත.
“Operation Hillmore” ලෙස Home Office තුළ හැඳින්වෙන මෙම වැඩපිළිවෙළ යටතේ සාමාන්‍යයෙන් දින 28ක් දක්වා රඳවා තැබීමට අපේක්ෂා කළද, එක් පුද්ගලයෙකු සති 27ක් රඳවාගෙන සිටි බවද Jane Leech සඳහන් කරයි. 2025 අගෝස්තු 4 සිට 2026 ජූනි 30 දක්වා පුද්ගලයන් 1,087 දෙනෙකු මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රංශයට ආපසු යවා ඇති අතර, එම කාලයේදී කුඩා බෝට්ටු මගින් පුද්ගලයන් 27,920 දෙනෙකු බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් Home Office පවසන්නේ නිවැරදි වයස් තක්සේරුව දේශසීමා පද්ධතියේ විශ්වසනීයත්වයට සහ නිසි ආරක්ෂාව සැපයීමට අත්‍යවශ්‍ය බවත්, ලබන වසරේ සිට AI තාක්ෂණයද යොදාගෙන එම ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බවත්ය.














