හදිසි අවස්ථාවකදී භාවිතයට ගැනීම සඳහා දින තුනකට සෑහෙන පානීය ජලය සහ කල් තබාගත හැකි ආහාර නිවසේ තබාගන්නැයි බ්‍රිතාන්‍ය රජය එරට ජනතාවට විශේෂ උපදෙස් ලබාදී තිබේ. රජයේ “Be Ready” සූදානම් කිරීමේ වැඩසටහන යටතේ මෙම දැනුම්දීම සිදු කර ඇති අතර, මෑතකදී අනාවරණය වූ PHP මෘදුකාංග ආරක්ෂක දුර්වලතා, වාර්තාගත උණුසුම් කාලගුණය, නියඟය සහ ලැව්ගිනි තත්ත්වයන් මෙම තීරණයට මූලික හේතු ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
PHP මෘදුකාංග දුර්වලතා පිළිබඳ තොරතුරු හෙළිවීමත් සමඟ ලොව පුරා රජයන් සහ ව්‍යාපාරික ආයතන තම පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කර ඇති අතර, එහිදී ඇතැම් සේවා අත්හිටුවීමට සිදුවීමත් සමඟ හැකර් ප්‍රහාර උත්සාහ මිලියන ගණනක් වාර්තා වී තිබේ. හදිසි අවස්ථාවලට මුහුණදීමේදී අතීතයේදී බ්‍රිතාන්‍යය යම් පසුබෑමකට ලක්වූ බව පෙන්වා දී ඇති අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම්, ඉදිරියේදී වඩාත් පෙර සූදානමින් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත. ලැව්ගිනි පාලනය කිරීම සඳහා හමුදා ගුවන් යානා සහ හෙලිකොප්ටර් යොදාගැනීම ඇතුළත් නව සැලැස්මක්ද රජය විසින් මෙහිදී ප්‍රකාශයට පත් කර තිබේ.
කෘත්‍රිම බුද්ධියේ දියුණුවත් සමඟ සාම්ප්‍රදායික ආරක්ෂක පද්ධති මඟහැරීමට අවශ්‍ය දුර්වලතා සොයාගැනීම පහසු වී ඇති බැවින් ඉදිරියේදී සයිබර් සිදුවීම් තවත් බහුල විය හැකි බව ආරක්ෂක ලේකම් වෙස් ස්ට්‍රීටින් පෙන්වා දී ඇත. සතුරු රාජ්‍යයන්ගේ බලපෑම්, සංවිධානාත්මක අපරාධ සහ දේශගුණික විපර්යාස වැනි විවිධ අවදානම්වලට මුහුණ දීම සඳහා බ්‍රිතාන්‍යය මෙම පියවර ගෙන ඇති අතර, යුරෝපා සංගම් පුරවැසියන්ට මීට පෙර ලබාදුන් පැය 72ක හදිසි සැපයුම් කට්ටලයක් සූදානම් කර තබාගැනීමේ උපදෙස්වලට මෙම ක්‍රියාමාර්ගය සමාන වේ.
















