පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැසීමත් සමඟ ජලාශයට යටවී තිබූ පැරණි තෙල්දෙණිය නගරයේ නටබුන් යළිත් මතුවෙමින් පවතී.
මේ වන විට ජලාශයේ සමස්ත ජල ධාරිතාව 35.14% (කියුබික් මීටර් මිලියන 256.03) දක්වා අඩුවී ඇති අතර, ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 410.78 දක්වා පහත වැටී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති. වික්ටෝරියා ජලාශයේ උපරිම ජල මට්ටම මීටර් 438.04කි.
ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය මෙන් තුන් ගුණයක ප්‍රමාණයක් දෛනිකව පිටවන අතර, මෙලෙස ජල මට්ටම පහත යෑමත් සමඟ ජලාශයට යටව තිබූ පැරණි මාර්ග, ගමනාගමනයට භාවිත කළ පැරණි පාලම් ඇතුළු නගරයේ නටබුන් රැසක් මේ දිනවල දැකබලා ගැනීමට හැකියාව ලැබී ඇත.














