මහජන ආරක්ෂක පනත යටතේ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා වන යෝජනාව වැඩි ඡන්ද 139කින් අද (07) පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙරට පවතින ආරක්ෂක සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 145ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 6ක් පමණි. ඒ අනුව ඉදිරි කාලසීමාව සඳහා ද හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමට රජයට නෛතික අවසරය හිමි විය.














