27 April 2024
#දේශීය

පනින්නට පෙර සිතා බලන එජාපයේ ප්‍රබලයා….!

එක්සත් ජාතික පක්ෂයේ නව සන්ධානයේ මහලේකම් පුටුව සම්බන්ධයෙන් මේ වන විට අර්බුධකාරි තත්ත්වයක් හට ගෙන තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සන්ධානයක් පිහිටුවීම සඳහා එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් අවසර ලබා දුන් නමුත් එහිදි කිසිදු අවස්ථාවක පක්ෂයට අවාසියක් වන දෙයක් සිදුවන්නට ඉඩ ලබා නොදෙන බවයි. එසේම සන්ධානයේ තනතුරු පත් කල යුතු වන්නේ ද පිරිසිදු චරිත බව ද එම ප්‍රකාශකයා අප වෙත කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ සමීපතයා අප වෙත කියා සිටියේ සන්ධානයේ පත් කර සිටි පුද්ගලයා පසුගිය කාලයේදී සිදු කර ඇති ක්‍රියාවන් සම්බන්ධයෙන් ගැටළුකාරි තත්ත්වයක් ඇති බවයි. එම ආරංචි මාර්ග සඳහන් කර සිටියේ සන්ධානයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්ව පත් කල එම මහලේකම්වරයා පසුගිය මැතිවරණයේදී නාම යෝජනා සම්බන්ධව ලැයිස්තුව මකා දැමීමට කටයුතු කලැයි චෝදනා ලැබු අයෙකු බවයි.

එවැනි චෝදනාවක් ඇති අයෙකු හට මහලේකම් ධුරය වැනි විශාල වගකීමක් මෙන්ම විශ්වාසයෙන් කටයුතු කල යුතු තනතුරක් ලබා දීම තුළින් ගැටළුවක් මතුවන බවයි. කෙසේ වෙතත් මෙම පත් කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ඍජුවම විරුද්ධත්වයක් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඊයේ (06) පැවැත්වීමට තිබු කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පවා මේ වන විට කල් දමා ඇත්තේ සජිත් ප්‍රේමදාස හට මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා ලෙස දැන්වීමත් සමඟයි.

කෙසෙ නමුත් මෙම පත් කිරීම සම්බන්ධයෙන් එජාපයේ ප්‍රබලයින්ගේ විරෝධයක් මතු වන බව වාර්තා වු අතර සජිත් සමඟ සිටින්නේ අත්දැකීම් අඩු ලාබාල පිරිසක් බව එජාපයේ අභ්‍යන්තර තොරතුරු සපයන්නා අප වෙත කියා සිටියේය.

මෙම ගැටළුකාරි තත්ත්වය මෙසේ තිබියදී බොහෝ විට සජිත් ප්‍රමුඛ පිරිසට වෙනම මැතිවරණයකට එළැඹීමට අවස්ථාව ලබා දීමට කටයුතු කෙරෙනු ඇති බවත් එජාපයට නව මුහුණුවරකින් ඉදිරිපත් වන පිරිස් මැතිවරණයට දැමිමට කටයුතු කරන බව වාර්තා වේ.

සජිත් ප්‍රමුඛ පිරිසට අවශ්‍ය වන්නේ රනිල් නැතිව ගමනක් යාමටනම් එයට හොඳම විසදුම වෙනම තරඟ කිරීම බවත් එජාපය විනාශ කිරීම නොවන බව එජාපයේ ප්‍රබලයාගේ මතය බව ඔහුගේ සමිපතයා අප වෙත කියා සිටියේය.

 

 

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *