ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු දෙකක් අද (21) දින විවෘත කර ඇති බව ජලාශභාර ඉංජිනේරුවෝ පවසති.
තවදුරටත් ප්රදේශයට අධික වර්ෂාවක් පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්රීයව විවෘත වීමට ඉඩ ඇති බැවින්, ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැළකිලිමත්ව සිටින ලෙස ඔවුන් වැඩිදුරටත් දන්වා සිටී.













