ලෝකයේ ප්‍රමුඛතම තාක්ෂණික සමාජ මාධ්‍ය දැවැන්තයින් වන මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම්වලට එරෙහිව ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් අධිකරණයක් විසින් ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ. සිය සමාජ මාධ්‍ය යෙදවුම් ළමුන් ඇබ්බැහි වන ආකාරයෙන් සකස් කිරීම හරහා ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බරපතළ හානි සිදු කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබුණි.
මෙම නඩු විභාගයේදී වයස අවුරුදු 20ක තරුණියක වන කේලි වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6ක වන්දියක් ගෙවන ලෙස ජූරි සභාව නියෝග කර ඇත. එහිදී දඩ මුදලෙන් 70%ක වගකීම මෙටා සමාගම වෙතත්, ඉතිරි 30% ගූගල් සමාගම වෙතත් පැවරී තිබේ.
නඩු විභාගයේදී අනාවරණය වූයේ ඉන්ස්ටග්‍රෑම් සහ යූටියුබ් වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයන්, කැසිනෝ ක්‍රීඩාවල පවතින මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිත කරමින් පරිශීලකයින් අඛණ්ඩව රඳවා තබාගන්නා “ඇබ්බැහි වීමේ යන්ත්‍ර” (Addiction machines) ලෙස හිතාමතාම නිර්මාණය කර ඇති බවයි. කේලි නම් මෙම තරුණිය කුඩා කල සිටම සමාජ මාධ්‍ය වෙත දැඩි ලෙස ඇබ්බැහි වී දිනකට පැය 16ක් පමණ සමාජ මාධ්‍ය තුළ කාලය ගත කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇය දැඩි මානසික අවපීඩනය, කාංසාව සහ සිරුරේ ස්වභාවය පිළිබඳ මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වී තිබේ. සමාගම්වල අභ්‍යන්තර ලේඛන හෙළි කරමින් නීතිඥ මාර්ක් ලැනියර් පෙන්වා දුන්නේ, තරුණ මනස් ඇදබැඳ තබාගැනීම පිටුපස පවතින්නේ මානුෂීය හැඟීම් නොව අතිදැවැන්ත මූල්‍ය ලාභයක් පමණක් බවයි.
සාක්ෂි ලබා දීම සඳහා පැමිණි මෙටා සමාගමේ මාර්ක් සකර්බර්ග්ගේ ආරක්ෂක පිරිස ‘Meta Ray-Ban’ ස්මාර්ට් කණ්ණාඩි පැළඳීම හේතුවෙන් අධිකරණයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති අතර, ජූරි සභිකයින්ගේ රහස්‍යභාවයට තර්ජනයක් වීම හේතුවෙන් විනිසුරුවරයා එම කණ්ණාඩි ගලවා ඉවත් කිරීමට නියෝග කර ඇත.
මෙම ජයග්‍රහණය සඳහා නීතිඥ මාර්ක් ලැනියර් විසින් උසස් කෘතිම බුද්ධි (AI) තාක්ෂණික මෙවලම් භාවිත කිරීම ද විශේෂත්වයකි. මෙම නඩු තීන්දුව ජාත්‍යන්තර මාධ්‍ය විසින් තාක්ෂණික ලෝකයේ මහා පෙරළියක් ලෙස හඳුන්වනු ලබයි.
















