බ්‍රසීලයෙන් අමෙරිකාව වෙත ආනයනය කරනු ලබන ගෘහභාණ්ඩ, එතනෝල්, යන්ත්‍ර සූත්‍ර, පාවහන් සහ සීනි ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා සියයට 25ක නව තීරු බද්දක් පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.
මෙය ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් සම්බන්ධයෙන් සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දියත් කළ නව වෙළෙඳ උපාය මාර්ගයක ආරම්භයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම උපාය මාර්ගය යටතේ ඉලක්ක කරගත් පළමු රට බවට බ්‍රසීලය පත්ව තිබේ.














