ඉරානයට සම්බන්ධ පුද්ගලයන් 16 දෙනෙකුට සහ ආයතන 10කට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකානු රජය පියවර ගෙන තිබේ.
ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ බ්රහස්පතින්දා පළ කළ නිවේදනයක මේ බව සඳහන් වන බව Reuters පුවත් සේවය වාර්තා කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පරිපාලනය විසින් මෙම නව සම්බාධක පනවා ඇති නමුත්, සම්බාධකවලට ලක්වූ පුද්ගලයන් සහ ආයතනවල නම් හෝ ඒවා පැනවීමට අදාළ නිශ්චිත හේතු පිළිබඳ විස්තර Reuters වාර්තාවේ සඳහන් කර නොමැත.














