ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර කරමින් සිදු කරන ක්‍රියාමාර්ගය දැඩි ලෙස හෙළා දකින බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසයි. මෙය “මුහුදු කොල්ලකෑමක්” (Piracy) මෙන්ම “බලාපොරොත්තු සුන් වූ විනාශකාරී ක්‍රියාවක්” ලෙස ඔහු හඳුන්වා දුන්නේය.
මෙම අවහිර කිරීම් හේතුවෙන් මුහුදේ අතරමං වී සිටින අහිංසක නාවිකයින් සහ වාණිජ නෞකා කාර්ය මණ්ඩල මුහුණ දී සිටින දැඩි අර්බුදය පිළිබඳව රාජ්‍ය ලේකම්වරයා මෙහිදී අනතුරු ඇඟවීය. විශේෂයෙන්ම ඔවුන් සතු ආහාර, පානීය ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් වේගයෙන් අවසන් වෙමින් පවතින බවත්, ඔවුන් මෙම “මුහුදු කොල්ලකරුවන්ගේ” අනුකම්පාව මත යැපීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.
“මෙය හුදෙක් අපරාධමය ක්‍රියාවක් පමණක් නොවෙයි, එය බලාපොරොත්තු සුන් වූ සහ විනාශකාරී පිළිවෙතක්. අහිංසක නාවිකයින් මෙලෙස අතරමං කිරීම මුහුදු කොල්ලකෑමක් ලෙසයි අප දකින්නේ” යනුවෙන් රුබියෝ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















