බලහත්කාරී ශ්‍රමය යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ වෙළෙඳාම පාලනය කිරීමට අපොහොසත් වූ රටවල් 60ක ආනයන මත අමතර තීරුබදු පැනවීමට ඇමරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය පියවර ගෙන ඇත. මෙම රටවල ක්‍රියාකලාපය අසාධාරණ බවත්, එමගින් ඇමරිකානු වාණිජ කටයුතුවලට බාධා සිදුවන බවත් තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ඇමරිකානු වෙළෙඳ නියෝජිත ජැමියසන් ග්‍රීර් මහතා පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රමිතීන්ට අනුකූලව බලහත්කාරී ශ්‍රමය පිටුදැකීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. මෙම නව තීරුබදු යෝජනාව හරහා අදාළ රටවල් බලහත්කාරී ශ්‍රම භාවිතය අවම කර ගැනීමට පෙළඹෙනු ඇතැයි ඇමරිකාව අපේක්ෂා කරයි.
















