ඌව පළාත් රාජ්‍ය සේවයේ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සේවය කළ සේවකයින් 143 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබා දී තිබේ. 2026 අයවැය යෝජනා අනුව සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 11/2026 යටතේ මෙම පත්වීම් ලබාදීම සිදු කර ඇත්තේ පස්සර පැල්ගහතැන්න පුහුණු ආයතනයේදීය.
ස්ථිර පත්වීම් ලැබූ බොහෝ සේවකයින් වසර 5ත් 16ත් අතර කාලයක් තාවකාලික පදනමින් සේවය කර ඇති අතර, පසුගිය රජයන් යටතේ ලබාදුන් පත්වීම් ස්ථිර නොකිරීම හේතුවෙන් තමන් දැඩි පීඩනයකට පත්ව සිටි බව ඔවුන් සඳහන් කර ඇත. වත්මන් රජය ලබාදුන් මෙම ස්ථිර පත්වීම් සම්බන්ධයෙන් සතුට පළ කළ සේවකයින්, ඉදිරියේදී රජයේ වැඩපිළිවෙළට උපරිම සහයෝගය ලබාදෙන බවද ප්‍රකාශ කළහ. මෙම අවස්ථාව සඳහා ඌව ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














