පරිසර අමාත්යාංශයේ ඒකාබද්ධ කළමනාකරණ ව්යාපෘතිය යටතේ වන්කාලේ ප්රදේශයේ ක්රියාත්මක පරිසර හිතකාමී සංචාරක හා යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් නිරීක්ෂණය කිරීම සඳහා පරිසර නියෝජ්ය අමාත්යවරයා ඊයේ (14) විශේෂ චාරිකාවක නිරත වී තිබේ.
දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමත්, ප්රදේශවාසීන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමත් අරමුණු කරගෙන ඉදිකළ නවීන සංචාරක කබානා පරිශ්රය මෙහිදී නිල වශයෙන් ප්රජා අයිතියට පත් කර ඇත.
පරිසර සංරක්ෂණයට ප්රමුඛත්වය දෙමින් ප්රජා මූලික සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්රධාන අරමුණක් වේ. සංචාරය සනිටුහන් කරමින් නියෝජ්ය අමාත්යවරයා විසින් පරිශ්රයේ පැළයක් රෝපණය කිරීමද සිදුකර තිබේ.
එසේම, අදියර පහක් යටතේ සංවර්ධනය කෙරෙන වන්කාලේ වරාය පරිශ්රයේ ව්යාපෘති ප්රගතියද නියෝජ්ය අමාත්යවරයාගේ නිරීක්ෂණයට ලක්ව ඇත.
මුහුදු ඛාදනය වැළැක්වීම සහ ධීවර ප්රජාවට ආරක්ෂිතව යාත්රා නැංගුරම් ලෑම සඳහා පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ගල් වැටි යොදා ප්රතිසංස්කරණය කළ කොටස්ද මෙහිදී පරීක්ෂා කර තිබේ. ව්යාපෘතියේ ඉදිරි සංවර්ධන කටයුතු නියමිත ප්රමිතීන්ට අනුව කඩිනම් කරන ලෙසද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මෙම අවස්ථාවට අමාත්යාංශ නිලධාරීන්, ව්යාපෘති අධ්යක්ෂවරුන්, ප්රාදේශීය රාජ්ය නිලධාරීන් සහ ප්රදේශයේ ධීවර හා ව්යාපාරික ප්රජාව නියෝජනය කරමින් පිරිසක් එක්ව සිටියහ.
















