යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාලය තුළ වැටුප් ලෙස රුපියල් 5,150,626ක මුදලක් ගෙවා ඇති බව අද (15) කොළඹ මහාධිකරණයේදී අනාවරණය වී තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් නාවික හමුදා නිලධාරියෙකු මේ බව ප්රකාශ කර ඇත.
එම මුදලට දීමනා ඇතුළත් නොවන බවද සාක්ෂිකරු අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.
















