වත්මන් රජය බිඳ දැමීම සඳහා දක්ෂිණාංශික බලවේග විසින් දියත් කර ඇති කුමන්ත්‍රණ පරාජය කිරීම උදෙසා මහා ජන පවුරක් ගොඩනැගිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.වැඩිදුරටත් සඳහන් කළේ, එම දේශපාලන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා දූෂණයට එරෙහි සියලුම ජන කොටස් එකම අරමුණක් වෙනුවෙන් එක්විය යුතු බවයි.
















