එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා අදාළ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ අයවැය යෝජනාව ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක නොකරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ අනුව, එම බදු සඳහා දැනට පවතින රුපියල් මිලියන 60ක වාර්ෂික පිරිවැටුම් සීමාව ඉදිරියටත් කිසිදු වෙනසකින් තොරව බලපැවැත්වෙනු ඇත.
මෙම පියවර මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු බොහෝ ව්‍යාපාරික අංශවලට සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට පෙර පැවති අයවැය යෝජනාවක් අනුව මෙම සීමාව රුපියල් මිලියන 36 දක්වා පහත දැමීමට සැලසුම් කර තිබූ නමුත්, එය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇත.
















