ජූනි 10 සහ 11 යන දිනවල නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විශේෂ “වාහන සුසර කිරීමේ දන්සලක්” (Vehicle Tuning Dansala) පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වන යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බොහෝමයක් පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ නිසි නඩත්තුවකින් තොරව ධාවනය වන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස වායුගෝලයට මුදාහැරෙන හානිකර විමෝචනය ඉහළ ගොස් ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ වාහනවල කාර්යක්ෂමතාව වැඩි කරමින් පරිසර දූෂණය අවම කිරීමට රියදුරන් දිරිමත් කිරීමයි.
















