සාම පා ගමන සඳහා ශ්‍රී ලංකාවට වැඩම කරන භික්ෂූන් වහන්සේලා ගෞරවයෙන් පිළිගෙන, ඉවසීමෙන් සහ සැදැහැ සිතින් එම පුණ්‍ය කර්මයට දායක වන ලෙස උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය හේනේපොළ ගුණරතන නාහිමියන් ශ්‍රී ලාංකික ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරති.
මෙම සාම පා ගමන දෙස මුළු ලෝකයම අවධානයෙන් බලා සිටින බවත්, සම්බුද්ධ ධාතූන් වහන්සේලා මෙන්ම ශ්‍රී මහා බෝධි ශාඛාවක් ලංකාවෙන් ඇමරිකාවට වැඩම කරවීමේ මෙම ඓතිහාසික වැඩසටහන කෙරෙහි සමස්ත බෞද්ධ ලෝකයේම අවධානය යොමු වී ඇති බවත් උන්වහන්සේ සඳහන් කරති. මෙය මෙරට බෞද්ධ උරුමය සහ වටිනාකම ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමට ලැබුණු ඉතා වටිනා අවස්ථාවක් බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙති.
එබැවින්, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහ මෙරට බෞද්ධ අනන්‍යතාවය උසස් ලෙස ලොවට විදහා පෑමට සියලුම බෞද්ධ ජනතාව එක්වන ලෙස උන්වහන්සේ මෙත් සිතින් ආරාධනා කර සිටිති.














