හෙට (30) දිනට යෙදෙන වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 61 දෙනෙකු සඳහා විශේෂ ජනාධිපති සමාව පිරිනමා තිබේ. ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම සමාව ප්‍රදානය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙලෙස සමාව හිමිවූ රැඳවියන් අතරින් සිරකරුවන් 33 දෙනෙකු හෙට දින බන්ධනාගාරවලින් නිදහස් වීමට නියමිතව ඇත.
















