27 April 2024
#දේශීය

දේශපාලන හේතු මත විශ්වවිද්‍යාලයන්හි උපකුලපතිවරු පත්වන්නේ නැහැ- ඇමැති දිනේෂ්

දේශපාලන හේතු මත විශ්වවිද්‍යාලයන්හි උපකුලපතිවරු පත් නොවන බවත්, එම පත් කිරීම් සිදු කරන්නේ චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කිරීමෙන් බවත්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී, අද (08) වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ හදිසි නීතීය ප්‍රකාශයට පත් කර, හදිසි නීතිය යටතේ පත් කිරීම් කළ බව කියා සිටි අධ්‍යාපන අමාත්‍යවරයා, එහිදී හිටපු හොඳ ම උප කුලපතිවරයා ඉවත් කර, පසු දින වනවිට හදිසි නිතිය යටතේ, දේශපාලන හිතවත්කම් මත, වෙනත් අයෙකු පත් කළ බව ද සඳහන් කළේය. අභාවප්‍රාප්ත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ කාලයේදී වූ එම සිදුවීම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටද මතක ඇතැයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඔහු දෙසටද හැරෙමිනි.

වර්තමාන ජනාධිපතිවරයා එසේ කර නොමැති බවත්, කරන්නේද නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *