වියට්නාම ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව, ඔහු පිළිගැනීමේ නිල උත්සවයට අදාළ විශේෂ පෙරහුරුවක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. හෙට දින (මැයි 08) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත වියට්නාම ජනාධිපතිවරයා වෙනුවෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කිරීම මෙහි මූලික අරමුණයි.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දැනටමත් සියලු ආරක්ෂක සහ සංවිධාන කටයුතු සූදානම් කර ඇති අතර, හෙට පැවැත්වෙන සභාව ඇමතීමේ නිල උත්සවය සඳහා රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් රැසක් ද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.














