ස්පාඤ්ඤයේ ‘Volta a Catalunya’ පාපැදි තරඟාවලිය අතරතුර මෝටර් රථයක ගැටී බරපතල තුවාල ලැබූ තරුණ ක්‍රීඩක ජෝම් ගාඩේනෝ, අනතුර සිදු වී සති දෙකක් ගත වී ඇතත් තවමත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.
පසුගිය මාර්තු 31 වනදා පුහුණුවීම්වල නිරතව සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දුන් ඔහු, එදින සිට සබඩෙල් (Sabadell) හි ටෝලි (Tauli) රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහු නියෝජනය කරන ‘Caja Rural-Seguros RGA’ කණ්ඩායම අඟහරුවාදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඔහු තවමත් සිය ජීවිතය වෙනුවෙන් සටන් කරමින් සිටින බවයි.
මෙම සිදුවීමත් සමඟ වෘත්තීය පාපැදි ක්‍රීඩකයින් පුහුණුවීම්වල නිරත වන විට මාර්ගවල පවතින ආරක්ෂාව පිළිබඳව යළිත් දැඩි කතාබහක් ඇති වී තිබේ.
















