සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි රටපුරා ස්වේච්ඡා තරුණ බලකායක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා ප්‍රකාශ කරයි. එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් තරුණ තරුණියන් 30 දෙනෙකු බැගින් මෙම බලකාය සඳහා තෝරා ගැනීමට නියමිත අතර එහි නියමු ව්‍යාපෘතිය බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති අතර එහිදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කර ඇත. තරුණ පරපුරේ ශක්තිය රටේ සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීයව දායක කර ගැනීම මෙම ස්වේච්ඡා බලකාය පිහිටුවීමේ මූලික අරමුණ වී තිබේ.














