ජල ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණය එළඹෙන ජූනි 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමනාකාර සහකාර නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජල පිරිපහදු කිරීමේ කටයුතු සඳහා විදුලි බිල ඉහළ යාම යම් බලපෑමක් සිදු කරන නමුත්, එය ඉතා අවම මට්ටමක පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම කරුණු සම්බන්ධයෙන් මේ වන විට සමාලෝචනයක් සිදු කරමින් පවතින බවත්, එහි අවසන් තීරණය ජූනි 30 වැනිදා ජනතාව වෙත දැනුම් දෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
















