වත්තල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනකදී, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහ මදුරු කීටයන් සහිත ස්ථාන 13ක් පවත්වාගෙන ගිය නිවාස හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබේ. මෙම වැටලීමේදී නිවාස 375ක් පරීක්ෂාවට ලක් කෙරිණි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වන විට මෙරට සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 18%කට අධික ප්‍රතිශතයක් වාර්තා වන අතර, එය රටේ දෙවන ඉහළම ඩෙංගු අවදානම් තත්ත්වයයි. ඉන් බියගම, කැලණිය සහ වත්තල යන ප්‍රදේශවලින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ.
එම තත්ත්වය හමුවේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සෞඛ්‍ය අංශ විසින් නීතිය දැඩි කර ඇති අතර, වැරදිකරුවන්ට රතු නිවේදන නිකුත් කිරීම සහ දඩ මුදල් අය කිරීම් ඉහළ නංවා ඇත.














