• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි ගොඩනග සන්ධානයෙන් හෙම්බත් වුණු රටට උත්තර සභාගයක් -ජානිපෙ නායක විමල් වීරවංශ

1 September 2022
in දේශීය

ස්වාධීන පක්ෂ එකමුතුව විසින් එළඹෙන සැප්තැම්බර් 4 වැනිදා ගොඩනගනු ලබන්නේ, රටේ ප්‍රශ්න වවාගෙන කෑම වෙනුවට, ප්‍රශ්නවලින් හෙම්බත් වුණු රටට උත්තර සපයන උත්තර සභාගයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද(01) බොරැල්ල රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති ස්වාධීන පක්ෂ එකමුතුවේ පක්ෂ නායක මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය. “නව සභාගය එන්නේ ප්‍රශ්න වවාගෙන කන්න නොවෙයි. ජනතාවගේ ප්‍රශ්න තොරොම්බල් කරමින් ජීවත් වෙන්න නොවෙයි. ප්‍රශ්නවලින් හෙම්බත් වුණු රටට උත්තර සපයන, උත්තර සභාගයක් තමයි අපි ගොඩනගන්නේ. අපි විශ්වාස කරනවා, ඒ උත්තර සභාගය මේ මහා ආර්ථික අර්බුදයේ ගිලී සිටින මේ රටේ සියලු ජනීජනයාගේ, මේ රටට ගාම්භීර අනාගතයක් අවශ්‍ය බව තේරුම් ගෙන සිටින තරුණ පරම්පරාවේ අපේක්ෂාවන් සඵල කරන උත්තර සභාගයක් බවට පත් වේවි, කියලා. ඒ සියලුදෙනාට අපි ආරාධනා කරනවා, ‘සැප්තැම්බර් 4 වැනිදා ඒ උත්තර සභාගයේ කලඑළි මංගල්‍යයට ඔබත් සහභාගි වෙලා මේ රටේ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක ඇරඹුමට දායක වෙන්න’ කියා. ස්වාධීන පක්ෂ එකමුතුව මෙසේ ගොඩනඟනු ලබන උත්තර සභාගයට ඉදිරියේදී තවත් දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, තරුණ සංවිධාන අන්තර්ගත කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ජනතාව, උඩරට හෝ පහතරට ප්‍රභූ පැළැන්තියෙන් එන කවුරුන් හෝ දිහා බලාගෙන තීන්දු තීරණ ගැනීම වෙනුවට, මේ මහපොළොවේ සාමාන්‍ය ජනීජනයාගේ ජීවන හුස්ම හොඳින් හඳුනාගෙන කටයුතු කරන, ඒ නව දේශපාලන සභාගය සමඟ අත්වැල් බැඳගනියි, කියන විශ්වාසය අපට තිබෙනවා. අපි සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතිකත්වයන්ට අයත් ජනයාට, සියලු ආගම් අදහන ජනයාට, විවිධ අනන්‍යතා නියෝජනය කරන ජනකොටස්වලට හෘදයාංගමව පවසනවා, ‘මේ සභාගය ඔබේ සභාගයයි; මේ රට ජයග්‍රහණය කරා රැගෙන යන, ගොඩගැසී ඇති ප්‍රශ්නවලට උත්තර සපයන, අභිමානවත් අනාගතයක් මේ පොළවට උරුම කර දීමට කැපවීමෙන් යුතුව කටයුතු කරන ඔබේ සභාගයයි. ඔබ ඒ සභාගයේ සාමාජිකයෙක්, අයිතිකරුවෙක්’ කියා.” යැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 26
Previous Post

Uber හා ශ්‍රීලංකා රතු කුරුස සමාජය සමග පීඩාවට පත් ජනතාවට වියළි ආහාර සහ අත්‍යවශය ඖෂධ ලබාදීමට පරිත්‍යාග කරයි

Next Post

විදේශ ගත ශ්‍රමිකයින්ට HOPE GATE කටුනායක ගුවන්තොටුපොලේදී විවෘත වෙයි

editor

editor

Next Post

විදේශ ගත ශ්‍රමිකයින්ට HOPE GATE කටුනායක ගුවන්තොටුපොලේදී විවෘත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved