• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

භාණ්ඩාරයට වැඩියෙන්ම සල්ලි දෙන්නේ අපියි – ඛනිජ තෙල් ඇමැති කියයි 

24 August 2018
in දේශීය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහා භාණ්ඩාරයට වාර්ෂිකව වැඩිම මුදලක් ලබා දෙන රාජ්‍ය ආයතනය බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එය 2016 වසරේදී එම මුදල රුපියල් බිලියන 148කි. 2017 වසරේදී බිලියන රුපියල් 148කි. 2018 වසරේ මුල් මාස හයේදී රුපියල් බිලියන 68කි. 

අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියටත් මෙම ප්‍රගතිය වාර්තා කිරීම සඳහා සියලුම සේවකයින් තවදුරටත් කැපවීමෙන් වැඩ කළ යුතු බවයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි විසිපස්වසරක සතුටුදායක සේවාවක් සැපයූ සේවක මහත්ම මහත්මීන්ට රන් තිළිණ ප්‍රදානය කිරීමේ සහ වසරක ප්‍රගතිය ඇගයීමේ උත්සවයට පසුගියදා සහභාගි වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “අපි වරාය අමාත්‍යාංශයේත් වරාය අධිකාරියේත් සිටිනා විට එහි කළ වෙනස්කම් හේතුවෙන් වරාය අධිකාරිය ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. ඒ නිසා අපිට ඒක බේරගන්න පුළුවන් වුණා. මම මේ මෙතන ඉන්න සියලුම සේවකයන්ගෙනුත් මෙතැන නැති සේවකයන්ගෙනුත් ඉල්ලන්නේ මේ ආයතනයත් එවැනි තත්ත්වයට ගේන එක මටත් මගේ නියෝජ්‍ය ඇමතිතුමියටත් තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් ලේකම්තුමාටත් සභාපතිතුමා හෝ එහි අධ්‍යක්ෂක මණ්ඩලයටත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙවැනි ආයතන අපි පරිස්සම් කරගත්තේ නැත්නම් ඉදිරියේදී තවත් කණ්ඩායමක් මේ රට ඇතුළට එන්න පුලුවන්. මේ ඛනිජ තෙල් අංශයට. එය තමයි අපිට තියෙන දරුණුතම අභියෝගය වෙන්නේ. ඒක නොවෙනවා කියලා නම් තමුන්නාන්සේලා හිතන්න එපා. අපි දැක්කා පහුගිය කාලේ එක එක රටවලින් යෝජනා ගෙනල්ලා තියෙනවා තුන්වෙනි පාර්ශවය, හතරවැනි පාර්ශවයකට. එවැනි දේවල් අපිට සිද්ධ වුණොත් අපේ මේ ආයතන දෙකම ඉක්මනින් බිම වැටෙන බවත් ඉතාමත් ඕනෑකමින් මම තමුන්නාන්සේලාට කියනවා…..” යැයි ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ ය. 

Post Views: 6
Previous Post

ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනාට ඇප

Next Post

මහින්ද හැමදාම රිංගන්න තමයි ට්‍රයි කළේ – ඇමැති සරත් කියයි

editor

editor

Next Post

මහින්ද හැමදාම රිංගන්න තමයි ට්‍රයි කළේ - ඇමැති සරත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved